මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළ ජල නළ මාරු කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (11) රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල සැපයුම් බාධාවක් පැනවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
එම නිවේදනයට අනුව අද රාත්‍රී 7.00 සිට හෙට (12) උදෑසන 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් එල්දෙණිය, ගෝනහේන, වේබඩ, සූරියපාලුව සහ උඩුපිල ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව මෙම ජල කප්පාදුවෙන් බලපෑමට ලක්වනු ඇත.
එමෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් පරකන්දෙණිය, කොස්සින්න, අබරලුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ ග්‍රාම නිලධාරී වසම්වලටද ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.
ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය ජල අවශ්‍යතා සඳහා කල්තබා සූදානම් වන ලෙසයි.



