මෙම වසර තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000කට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) පවසයි.

එම ඒකකයට අනුව, ජූලි 27 වනදා වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 82,838 දෙනෙකු වාර්තා වී ඇති අතර, රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සඳහන් කර තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවාස, ආයතන සහ පොදු ස්ථාන ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ යළිත් අවධාරණය කරයි.

උණ, දැඩි හිසරදය, මාංශ පේශි හා සන්ධි වේදනාව, වමනය හෝ සමේ රතු ලප වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඩෙංගු අවදානම ඉහළ ප්‍රදේශවල මදුරු මර්දන සහ නිරීක්ෂණ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බව ද වාර්තා වේ.