මුදල් කොල්ලකෑමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (27) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඔවුන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔවුන්ට විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.
මෙම සැකකරුවන් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අදාළවය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වන අතර, අධිකරණය නියම කළ ඇප කොන්දේසි යටතේ සැකකරුවන් මුදා හැරීමට නියෝග කර ඇත.



