රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ සිටියදී වද හිංසාවලට හෝ අයුතු සැලකීම්වලට භාජනය වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබේ.

අද (10) දින කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, අදාළ වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදුකරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

මෙම වෛද්‍ය මණ්ඩලය විසින් සුරේෂ් සලේ මහතාගේ ශාරීරික සහ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් ඇගයීමක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට භාරදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ සිටියදී අයුතු සැලකීම්වලට ලක්වූ බවට මතුව ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා මෙම විශේෂඥ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන බව අධිකරණයේදී සඳහන් විය.

අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධිකරණය තීරණ ගනු ඇත.