හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට අයත් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවල මුරපද වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබා දෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නියෝගය කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති අතර, විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යුත් උපාංග පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම නියෝගය ලබාදී ඇති බව අධිකරණයේදී දැනුම් දී තිබේ.
ඒ අනුව, සුරේෂ් සලේ මහතාට අදාළ උපාංගවල මුරපද CID වෙත ලබාදීමට නියමිත අතර, ඉන් අනතුරුව විද්‍යාත්මක හා ඩිජිටල් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යයි.



