මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු ආසාදිතයින් 65,034 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම නිවේදනයට අනුව, ජූලි මාසයේ පළමු දින අට තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 9,654 දෙනෙකු හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 13,332ක් ලෙස සටහන් වී ඇත.
ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 4,354ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා මදුරු මර්දන සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය බලධාරීන් පවසන අතර, මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද අවධාරණය කරයි.



