කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) පැතිර යන ඉබෝලා වසංගතයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,033 දක්වා ඉහළ ගොස් ඇති අතර, තහවුරු කළ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,536 දක්වා වර්ධනය වී ඇති බව එරට නවතම නිල සංඛ්‍යාලේඛනවල දැක්වේ.
එරට ජාතික මහජන සෞඛ්‍ය ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, නැගෙනහිර කොංගෝවේ ඉටූරි (Ituri) සහ උතුරු කිවු (North Kivu) පළාත්වලින් සඳුදා දිනයේදී පමණක් නව ඉබෝලා ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම ප්‍රදේශවල පවතින සන්නද්ධ ගැටුම්, ආරක්ෂක අභියෝග සහ සෞඛ්‍ය පහසුකම්වල පවතින සීමාවන් හේතුවෙන් වෛරසය පාලනය කිරීමේ මෙහෙයුම් දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
රෝගීන් හඳුනා ගැනීම, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ආශ්‍රිතයන් සොයා බැලීම සහ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ද සඳහන් වේ.
ඉබෝලා වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ ශරීර දියර සමඟ සෘජු සම්බන්ධතා මඟින් පැතිර යා හැකි අතර, රෝගය පාලනය කිරීම සඳහා කඩිනම් හඳුනාගැනීම, වෙන්කර ප්‍රතිකාර කිරීම සහ මහජන දැනුවත් කිරීම අත්‍යවශ්‍ය සාධක ලෙස සැලකේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බවයි.



