හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර තොරතුරු අනාවරණය කර ඇති අතර, සිද්ධියේ සියලුම කරුණු පිළිබඳ පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
අද (17) අලුයම මාලඹේ තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම සිද්ධිය වාර්තා වූ අතර, පසුව ඔහු කොළඹ නැගෙනහිර මූලික රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසිය සඳහන් කළේ, සිද්ධියේ පසුබිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි.
විමර්ශනවල කොටසක් ලෙස මෑතකාලීන පෞද්ගලික සහ පවුල් සම්බන්ධ කරුණු ද සොයා බලමින් සිටින අතර, ඔහුගේ පුත්‍රයාගේ පවුලට අදාළ නීතිමය කාරණා කිහිපයක් පිළිබඳවද අවධානය යොමු කර ඇත.
මේ අතර, කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සිද්ධිය වූ නිවසට පැමිණ පරීක්ෂාවක් සිදු කළ අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද පසුව එම ස්ථානයට පැමිණ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.



