ඉන්ධන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කර ඇති QR කේත පද්ධතිය ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ ඉන්ධන පරිභෝජනය හැකිතාක් අවම කර විදේශ විනිමය පාලනය කිරීම සඳහා මෙම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බවයි.
“පවතින ආර්ථික තත්ත්වය තුළ ඉන්ධන කළමනාකරණය අත්‍යවශ්‍යයි. ඒ සඳහා QR පද්ධතිය දිගටම පවත්වාගෙන යනවා,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව වාහන වර්ග අනුව ලබාදෙන ඉන්ධන කෝටාද යළි ප්‍රකාශයට පත් කර තිබේ.
නව ඉන්ධන කෝටා
🚗 මෝටර් රථ – ලීටර් 25
🛺 ත්‍රීරෝද රථ – ලීටර් 20
🚐 වෑන් රථ – ලීටර් 50
🏍️ යතුරුපැදි – ලීටර් 8
🚌 බස් රථ – ලීටර් 100
🚜 ඉඩම් වාහන – ලීටර් 40
🚛 ලොරි රථ – ලීටර් 200
🚓 විශේෂ කාර්ය වාහන – ලීටර් 40
රජය පෙන්වා දෙන්නේ, ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම සහ ඩොලර් පිටවීම පාලනය කිරීම සඳහා මෙම ක්‍රමවේදය තවදුරටත් වැදගත් වන බවයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන සැපයුම සහ විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරීම රජයට දැඩි අභියෝගයක් වී ඇති බවද සඳහන් වේ.
මේ අතර, QR පද්ධතිය හරහා ඉන්ධන බෙදාහැරීම මඟින් දිගු පෝලිම් සහ අධික ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට පාලනය කිරීමට හැකිවූ බව රජය පෙන්වා දෙයි.



