ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජුනි මස 26 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (01) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා නඩුව විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කිරීමේ අරමුණින් එය ජුනි 26 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.

ඥානසාර හිමියන්ට එරෙහි මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර ඇත්තේ ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනි.