අභාවප්‍රාප්ත වූ කටාර් හි හිටපු එමීර්වරයා වන ෂෙයික් හමඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (14) කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් හිටපු එමීර්වරයාගේ අභාවය සම්බන්ධයෙන් නිල ශෝකය සහ සංවේගය කටාර් රාජ්‍යයට ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යවරිය නියමිතය.
එමෙන්ම, මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ කැපවීම යළිත් තහවුරු කරන අවස්ථාවක් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් කටයුතු සඳහා සහභාගී වීම වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එම ගුවන් ගමනින්ම දෝහා බලා පිටත්ව ගොස් තිබේ.
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග අනුව, ශ්‍රී ලංකා දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද පස්වරු 6.50ට, ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL217 ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගියේය.



