2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා නිල ක්‍රීඩක කෙටුම්පත පැවැත්වීමට පෙරම ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
LPL තරගාවලියේ 6 වැනි අදියර ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියට කණ්ඩායම් පහක් එක්වන අතර ලීග් වටයේ තරග 20කට අමතරව Qualifier, Eliminator සහ අවසන් මහා තරගයද පැවැත්වේ.
මෙවර පෙර ගිවිසුම්ගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රසිද්ධ නාම රැසක් LPL වෙත ආකර්ෂණය වී තිබීම විශේෂත්වයකි.
හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් Kandy Royals කණ්ඩායම සමඟ එක්ව ඇති අතර, ඔහු ඉන්දීය දේශීය ක්‍රිකට් සහ IPL තරගාවලිවලින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව LPL වෙත එක්වීම ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක්ව තිබේ.
Wanindu Hasaranga, Angelo Mathews, Moeen Ali සහ Vijay Shankar ඇතුළත් Kandy Royals කණ්ඩායම මෙවර ප්‍රබලතම සංයෝජනවලින් එකක් ලෙස සැලකේ.
Dambulla Sixers කණ්ඩායම ICC පිරිමි T20 ලෝක කුසලානයේ කැපී පෙනුණු පාකිස්තාන පිතිකරු Sahibzada Farhan සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, Reeza Hendricks, Dinesh Chandimal සහ Dushmantha Chameera ද එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.
සිව් වරක් LPL ශූරයන් වූ Jaffna Kings කණ්ඩායම Bangladesh තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan සහ වේගපන්දු යවන Taskin Ahmed සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, Bhanuka Rajapaksa සහ Dunith Wellalage ද කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් අතර වෙති.
Colombo Kaps කණ්ඩායම New Zealand තුන් ඉරියව් ක්‍රීඩක Jimmy Neesham සහ Australian පිතිකරු Ben McDermott සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, Kusal Mendis සහ Kamindu Mendis ද එම කණ්ඩායම නියෝජනය කරයි.
Galle Gallants කණ්ඩායම Dasun Shanaka, Eshan Malinga, Rassie van der Dussen සහ Sikandar Raza වැනි ප්‍රබල ක්‍රීඩකයින් සමඟ තරග වදිනු ඇත.
LPL අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේ, මෙවර තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින්ගේ ගුණාත්මකභාවය LPL තරගාවලියේ ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරන බවයි.
නිල ක්‍රීඩක කෙටුම්පත ජූනි 1 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර, එහිදී කණ්ඩායම් සිය අවසන් සංයුතිය සම්පූර්ණ කිරීමට නියමිතය.



