Formula 1 ලෝකයේ මේ වනවිට වැඩිම අවධානය දිනාගෙන සිටින්නේ Kimi Antonelli ය.

Mercedes-AMG Petronas Formula One Team නියෝජනය කරන 19 හැවිරිදි ඉතාලි තරුණ ධාවකයා, Canadian Grand Prix ජයගනිමින් පිට පිටම තම සිව්වැනි Formula 1 ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

මෙම ජයත් සමඟ 2026 Formula 1 ශූරතා සටනේ ප්‍රධානතම නාමය බවටද කීමි ඇන්ටොනෙලි පත්ව තිබේ.

Canadian Grand Prix තරගය පැවති Circuit Gilles Villeneuve ධාවන පථයේදී ආරම්භයේ සිටම දැඩි තරඟකාරී ස්වභාවයක් දක්නට ලැබුණි.

Mercedes කණ්ඩායමේම ධාවකයින් වූ George Russell සහ කීමි ඇන්ටොනෙලි අතර දැවැන්ත සටනක් පැවති අතර, පළමු වට 30 පුරාවටම ඔවුන් එකිනෙකා පසුකරමින් ඉදිරියට පැමිණියහ.

තරගයේ උණුසුම තවත් වැඩි වූයේ Sprint race එකේදී රසල් සහ ඇන්ටොනෙලි අතර ඇති වූ උණුසුම් ගැටුමෙන් පසුවය.

එම තරගයේදී ජෝර්ජ් රසල් විසින් ඇන්ටොනෙලිට ධාවන මාර්ගයෙන් පිටතට යාමට බල කළ බවට චෝදනා එල්ල වූ අතර, ඇන්ටොනෙලි කණ්ඩායම් රේඩියෝව හරහා එම ක්‍රියාව “very naughty” ලෙස හඳුන්වා තිබුණි.

කෙසේ වෙතත් ප්‍රධාන තරගයේ තීරණාත්මක මොහොත උදා වූයේ ජෝර්ජ් රසල්ගේ Mercedes රථයේ engine failure එකක් හටගැනීමත් සමඟය.

එම ගැටලුව හේතුවෙන් රසල්ට තරගයෙන් ඉවත් වීමට සිදුවූ අතර, කීමි ඇන්ටොනෙලිට ජයග්‍රහණය කරා යාමට විවෘත මාර්ගයක් නිර්මාණය විය.

තරගය ජයගත් ඇන්ටොනෙලි, Scuderia Ferrari කණ්ඩායමේ Lewis Hamilton ට වඩා තත්පර 10කට අධික පරතරයකින් finish line එක පසු කළේය.

මේ අතර Red Bull Racing කණ්ඩායමේ Max Verstappen තෙවන ස්ථානය දිනාගත්තේය.

41 හැවිරිදි ලුවිස් හැමිල්ටන් Ferrari සමඟ එක්වීමෙන් පසු ලබාගත් හොඳම ප්‍රතිඵලය මෙය බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් McLaren Formula 1 Team කණ්ඩායමට මෙම තරගය දැඩි පසුබෑමක් විය.

Lando Norris gearbox ගැටලුවක් හේතුවෙන් තරගයෙන් ඉවත් වූ අතර, Oscar Piastri 11 වන ස්ථානයට පත්විය.

මේ වනවිට Formula 1 ලෝකයේ වැඩිම අවධානය දිනාගෙන සිටින්නේ කීමි ඇන්ටොනෙලි වන අතර, 19 හැවිරිදි මෙම තරුණයා අනාගත ලෝක ශූරයෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වන්නට පටන් ගෙන තිබේ.