වෙසක් පොහොය නිමිත්තෙන් බොරැල්ල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල ඉදිකරන ලද තොරණ දෙකක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.
ඒ අනුව, බොරැල්ල මැගසින් එක්සත් වෙළඳුන්ගේ ශ්‍රී වෛශාක්‍ය සමිතිය විසින් ඉදිකරන ලද ‘සම්බුලා ජාතකය’ තේමා කරගත් තොරණ සහ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ ඉදිකරන ලද ‘සමුද්‍ර වාණිජ’ ජාතක කථාව ඇතුළත් තොරණ ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි.
වෙසක් උත්සව සමයේ බෞද්ධ සංස්කෘතික හා ආගමික වටිනාකම් ජනතාව අතර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තොරණ ඉදිකර ඇති බව සංවිධායකයින් සඳහන් කරයි.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, වෙළඳ සංගම් නියෝජිතයින් සහ විශාල ජනකායක් සහභාගී වූහ.
එමෙන්ම, ප්‍රදේශවාසීන් සහ වෙසක් සමරන බැතිමතුන් රැසක්ද මෙම තොරණ විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.
වෙසක් සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉදිකර ඇති තොරණ සහ වෙසක් කලාප නැරඹීම සඳහා මේ වනවිටත් ජනතාවගේ දැඩි ආකර්ෂණයක් පවතී.



