පුද්ගලයන්ට නීත්‍යානුකූලව ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙන රජයේ චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබේ.

අදාළ පෙත්සම මගින් එම චක්‍රලේඛය නීතියට පටහැනි බවට ප්‍රකාශ කර එය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.

කෙසේවෙතත්, පෙත්සම විභාගයට ගැනීමට අවසර නොදී එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.