පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරුන්ගේ උපදෙස් මත එම උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබේ.
උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ඇති වූ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව CID විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඉන් අනතුරුව පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කිරීම් සඳහා රඳවා තබා තිබුණි.
තමා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලින් CID අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙසත්, තමන් රඳවා සිටින ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් ඔහු පසුගියදා ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළේය.
උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී ඇති අතර, ජූනි 27 වනදා හෘදයාබාධ සම්බන්ධ සෞඛ්‍ය ගැටලුවකටද මුහුණ දී ඇති බව වාර්තා වී තිබේ.
මේ වන විට සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.



