පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ජූලි 27 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළේය.
අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සිය දේශන අවසන් කළේය.
ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර විභාගය මේ මස 27 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
එදින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.



