කටුනායක සිට තලවකැලේ ලිඳුල දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම අනතුර ඊයේ (15) පස්වරු 4.00ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්‍රදේශයේදී සිදුව ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ රියදුරු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර හේතුවෙන් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදුව ඇත.