ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික දත්තවලින් පෙන්නුම් කරයි.
අද (25) නිකුත් කළ විනිමය අනුපාතික නිවේදනයට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.3416ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 342.0372ක් ලෙසත් සටහන් වී තිබේ.
මෙය පෙර දිනයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව පෙන්නුම් කරන සංඛ්‍යා දත්තයකි.
ඊයේ (24) මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතික අනුව, ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.3515ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 340.0685ක් ලෙසත් වාර්තා වී තිබුණි.
විනිමය අනුපාතිකවල මෙම වෙනස්වීම් ආනයන වියදම්, අපනයන තරගකාරිත්වය සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බැවින්, වෙළෙඳපොළ සහ ව්‍යාපාරික ප්‍රජාව විසින් ඒවා සමීපව නිරීක්ෂණය කරනු ලබයි.



