බස්නාහිර පළාතේ වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 35,000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) පවසයි.

එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු ආසාදිතයින් 66,064 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ අතර, ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් ඇති බවද අද (10) වන විට තහවුරු කර ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 13,556ක් ලෙස සටහන් වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 4,425ක් වාර්තා වී ඇත.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට නැවතත් දැනුම් දී ඇත.