ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කරන අඛණ්ඩ මිලිටරි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 3,412 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 10,269 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

නිල වාර්තා අනුව මෙම සංඛ්‍යාලේඛන මාර්තු 2 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ සමස්ත මරණ සහ තුවාල ලැබූවන්ගේ දත්ත ඇතුළත් කරමින් නිකුත් කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ දෙපාර්ශ්වය අතර ගැටුම් තීව්‍ර වී ඇති අතර, දකුණු ලෙබනනය ඇතුළු ප්‍රදේශ රැසක් ප්‍රහාරවලට ලක්ව තිබේ.

ජාත්‍යන්තර සංවිධාන සහ මානව හිමිකම් කණ්ඩායම් මෙම තත්ත්වය පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති අතර, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද ඉල්ලීම් කර තිබේ.

මේ අතර, කලාපීය ආරක්ෂාව සහ මානුෂීය තත්ත්වය පිළිබඳව ලෝක බලවතුන්ගේද අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.